ජීවිතයේ සැබෑ සතුට සහ ආදරය අපට ලබාදෙන්නේ සුරතල් සතුන් නොවේද? ඔබ දුටු විගස වැනෙන්නට ගන්නා වල්ග, මෘදු පුරු පුරු ගෑම් ඒ අව්‍යාජ සෙනෙහසට සාක්ෂි දරද්දී මී මැස්සන්ගේ, කුරුල්ලන්ගේ සිට අලි ඇතුන් හා තල්මසුන් දක්වා සොබාදහමේ මෙම විශ්මිත නිර්මාණ පෘථිවියේ සමතුලිතතාවය පවත්වා ගනිමින් මිනිස් ජීවිත පවත්වා ගෙන යාමට උපකාරී වන බව ඔබ දැන සිටියාද? නමුත් මෑතකදී අවිහිංසාවාදයට නම් දැරූ බුදුන් වැඩි පින් බිම ලෙස හඳුන්වන අපේ ශ්‍රී ලංකාවේ අසරණ සතුන්ට වධහිංසා පැමිණවීම්, නිකරැනේ ඝාතනය කිරීම්, දඩයම් කිරීම සහ හිංසා කිරීම් ආදී බිහිසුණු සිදුවීම් දින පතා අසන්නට ලැබෙමින් පවතී. 2019 ලංකාවේ මේ වන තෙක් වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් මරා දැමුණු වසර ලෙස සනිටුහන් වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ආවේණික වූ හස්තීන් 360කට මරැ කැදවමිනි. මේ අතර තවත් අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් හීලෑ කර අපයෝජනයට ලක් වන බව නොරහසකි. බල්ලන් හා බළලුන් පුළුස්සා දැමීම, සතුන්ට වස දැමීම, ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන විනාශ කිරීම, ඔවුන්ගේ ශරීර කොටස් කළු කඩ හරහා ජාවාරම් කිරීම කලක පටන් සාර්ථකව කෙරීගෙන යන්නේ මේ අපරාධ වලට බලපවත්වන නීතිරීති ඉතා ලිහිල් බැවිනි. බොහෝ විට මෙම සිද්ධීන් විමර්ශනය නොකෙරෙන අතර, එසේ වූ විට පවා, අපරාධ කරුවන් ඉතා සුළු දඩ මුදලක් ගෙවා ඔවුන්ගේ කටයුතු දිගටම කරගෙන යයි. අප මෙන්ම මේ භූමියේ ඉපදුණු, හඬක් නැති අහිංසක සතුන්ගේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් කතා කරමු! ශ්‍රී ලංකාවේ සත්ව සුබසාධන කෙටුම්පත සම්මත කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට පෙබරවාරි 26 වන දින සවස 4 ට නෙලුම් පොකුන ඉදිරිපිට විහාරමහා දේවි උද්‍යානයේ කෙලවරේ දී අප හා එක්වන්න. ශ්‍රී ලංකාවේ සතුන් ද ශ්‍රී ලාංකිකයන් ය! The best joys in life often comes with paws, constantly wagging tails, soft purrs, sometimes trunks, feathers, beaks or antlers. From bees to birds to elephants to whales, these magnificent creations of nature helps maintaining balance on earth asking nothing in return but to let them exist! But lately in our paradise island where people are known to be most compassionate, there have been horrifying incidents of torturing, killing, poaching and mistreating animals. 2019 marked the year of most elephant deaths, 360 of majestic creatures who are endemic to Sri Lanka were killed due to human activities while another large number of them were domesticated and abused. We saw people burning dogs and cats, poisoning animals, robbing them of their natural habitats, their body parts being sold in the black market. Often these cases are not investigated and even when they do, prosecutors pay a small fine and continue their horrible acts. Let’s be a voice for the voiceless and speak up for their right to live in Sri Lanka just like us humans do! Join us on the 26th of February from 4pm onwards at Viharamaha Devi Park in front of Nelum Pokuna to urge the authorities to pass The Animal Welfare Bill for Sri Lanka. Animals in Sri Lanka are Sri Lankans too!